සුප්රකට ඉතාලි සිනමාකරු විටෝරියෝ ටවියානි දිවි ගමනින් සමුගෙන තිබේ.
මියයන විට ඔහු 88 හැවිරිදි වියේ පසුවිය.
දීර්ඝ කාලයක් තිස්සේ අසනීප තත්වයෙන් පසුවූ විටෝරියෝ පසුගියදා ජිවිතක්ෂයට පත්වූ බවත් ඔහුගේ අවසන් කටයුතු පෞද්ගලිකව සිදු කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් විටෝරියෝ ගේ පවුලේ උදවිය ප්රකාශ කර ඇත.
1960 ගණන් වලදී විටෝරියෝ සහ ඔහුගේ සොයුරු පවුලෝ ඉතාලිය තුල ප්රකට සිනමාකරුවන් ලෙස නම් දිනා ගත්හ.
එසේම 2017 දී ඔවුන්ගේ නවතම සිනමාපටයක් පවා එළි දැක්වුහ. එය “රේන්බෝ: අ ප්රයිවට් අෆෙයාර්” ලෙස නම් කර තිබුණි.
මෙම දෙපළගේ සිනමා නිර්මාණයක් වන “පද්රේ පද්රෝන්” 1977 ‘පාම් ද’ඔර්’ අන්තර්ජාතික සිනමා සම්මානයට පවා හිමිකම් කීය.
“සීසර් මස්ට් ඩයි” නම් ඔවුන්ගේ නිර්මාණය 2012 බර්ලින් සිනමා උළලේ ගෝල්ඩන් බෙයා සම්මානය දිනා ගන්නා ලදි.