ගිනිගත්හේන යටිබේරිය ප්‍රදේශයේ කැළණි ගඟේ දිය නෑමට ගිය ටෙලි නාට්‍ය සහය නිළියක් දියේ ගිලීම හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව තිබේ.
තුෂානි ද සිල්වා නම් මෙම කාන්තාව 27 හැවිරිදි එක් දරු මවකි.
පවුලේ සාමාජිකයන් සමඟ කිතුගල ප්‍රදේශයේ සංචාරයක් සඳහා පැමිණි ඇය ඊයේ (17) පස්වරුවේ කැළණි ගඟේ දිය නාමින් සිටියදි සැඩ පහරට හසුවී ගසා ගෙන ගොස් ඇත.
ප්‍රදේශවාසීන් සහ පවුලේ සාමාජිකයන් එක්ව ඇගේ සිරුර සොයාගෙන තැලිගම රෝහලට යොමු කර තිබේ.
ඇය දිය නෑම සිදු කළ ස්ථානයේ දිය නෑම අවදානම් බව සඳහන් පුවරු සවි කර ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසයි.
ගිනිගත්හේන පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ඇත.