පාකිස්ථානයේ ප්රකට රංගන ශිල්පිනී මීෂා ෂාෆි විසින් එරට ජනප්රිය පොප් ගායකයෙකු වන අලි සෆර් වෙත චෝදනා නඟමින් තමන්ට ලිංගික හිංසනයක් සිදුකළ බව අනාවරණය කර තිබේ.
#MeToo යනුවෙන් ට්විටර් සමාජජාලය තුළක්රියාත්මක වන ලිංගික හිංසනයන්ට ලක්වූවන් සම්බන්ධ තොරතුරු හෙළි දරව්කරන වැඩසටහන හරහා පාකිස්ථානයේ මෙවැනි සිදුවීමක් වාර්තා වූප්රථම අවස්ථාව මෙය වෙයි.
තමන්ට ශාරීරික වශයෙන් ඔහු ලිංගික හිංසනයක් සිදුකළ බවට ඇය මෙහිදීපවසා ඇති අතර, මේ චෝදනා ප්රතික්ෂේප කරන අලි සෆර් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පවසා තිබේ.
මෙම හෙළිදරව්ව අනාවරණය වීමත් සමග බොහෝ කාන්තාවන් මීෂා ෂාෆි වෙත සිය සහාය පළ කරමින් අදහස් දක්වා තිබුණද, පාකිස්ථාන සමාජය තුළ මේ පිළිබඳ කාන්තාවට සාධාරණත්වයක් ඉටුවීම සැක සහිත බව බොහෝ දෙනා පවසති.