ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් මෙරට කලාවට, සංගීත ක්ෂේත්රයට සිදු කළ අපිරිමිත සේවයට උපහාරයක් ලෙස ඔහු අනුස්මරණය කරමින් දිස්ත්‍රික්ක 25තුළ උදා ගම්මාන25ක් ඉදිකිරීමට කටයුතු කරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා පවසයි.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඒ බව ප්‍රකාශ කළේ හම්බන්තොට සිරිබෝපුර ඉදි වූ “ශ්‍රී අමරදේවගම” 60වැනි උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් පැවැති උත්සවයට එක්වෙමින් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
මෙම ගම්මානයට අමතර ව දිස්ත්‍රික් මට්ටමින් උදා ගම්මාන 25ක් මෙන් ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ම තිස්සමහාරාමය හා ලුණුගම්වෙහෙර ප්‍රදේශයන් හි තවත් උදා ගම්මාන 2ක් ඉදිවෙමින් පවතින බවත් අමාත්‍යවරයා එහිදී සදහන් කර ඇත.
ඉදිරියේ දී දිස්ත්‍රික්ක 25 තුළ කලා ගම්මාන 25ක් ක්‍රියාත්මක කරන අතර ම රටේ තරුණ පරපුර වෙනුවෙන් යොවුන් ගම්මාන 25ක් ඉදිකිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වන බව පෙන්වා දී ඇති අමාත්‍යවරයා මාධ්‍යවේදීන්, රණවිරුවන්, රාජ්‍ය සේවකයන් මෙන් ම ගුරු පරපුර වෙනුවෙන් දිස්ත්‍රික්කයකට එක බැගින් නිවාස ගම්මාන ඉදිකිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් පවසා තිබේ.
මේ වන විට උදා ගම්මාන 702ක ඉදිකිරීම් කටයුතු ආරම්භ වී තිබෙන අතර 2020 වන විට රජයේ ඉලක්කය උදා ගම්මාන 2500ක් රටපුර ඉදිකිරීම බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස එහිදී වැඩි දුරටත් සදහන් කර ඇත.