88/89 භීෂණ සමයේ අතුරුදහන් වූ පුතු සොයා ගරා වැටුන උසාවි මැදිරියක සිට ජරා ජීර්ණ වූ නීතියේ පිහිට අයදින මවකගේ අරගලය “පාංශු” විසාකේස චන්ද්‍රසේකරම් ගේ නවතම සිනමා අධ්‍යක්ෂණය යි.
නීටා ෆර්නැන්ඩු, ජගත් මනුවර්ණ, නදී කම්මැල්ලවීර, රන්දික ගුණතිලක, මැල්කම් මචාඩෝ ඇතුළු රංගන ශිල්පින් ශිල්පිනියන් පිරිසක් මේ සඳහා රංගන දායකත්වය සපයා තිබේ.
“පාංශු” හි කැමරා අධ්‍යක්ෂණය දිමුතු කාලිංග, සංස්කරණය සිතුම් සමරජීව, සංගීත අධ්‍යක්ෂණය චින්තක ජයකොඩි, කලා අධ්‍යක්ෂණය සහ ඇඳුම් නිර්මාණ කුමාර කරව්දෙණිය විසිනි.