රංජිත් වර්ණකුල ගේ රචනයක් වන “මට පුරුෂයෙක් ඕනෑ” වේදිකා නාට්‍යය ජීවන් හඳුන්නෙත්තිගේ අධ්‍යක්ෂණයෙන් එළඹෙන 13 වැනි ඉරිදා දින වේදිකා ගත කිරීමට නියමිතය.
ඒ දර්ශනවාර දෙකක් ලෙස සවස 3.30 සහ 6.30 ට බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හිදී ය.
“මට පුරුෂයෙක් ඕනෑ” සඳහා රංගන දායකත්වය සපයන්නේ ජීවන් හඳුන්නෙත්ති, රින්ස්ලි වීරරත්න, රොෂානා ඔන්ඩච්චි, ජයන්ත අතපත්තු, උදය කුමාරි රණසිංහ, නිලන්ති හීන්දෙනිය යන අයයි.