'' සෑම තරුවක්ම හඳ සොයා එළියට පැමිණේ
අවාසනාවන්තයින් වීදිවල සක්මන් කරයි
නිශාචරයන් ඔවුන් සොයා පැමිණේ ''
සරෝගේ අම්මා වන කමලා සරෝ නැවත පැමිණෙතැයි යන බලාපොරොත්තුවෙන් සිටියා. ඒ වගේම ඔවුන් ගෙවල් අතහැර නොගියා. ඇයගේ පුතාගේ පැමිණීම ඇයව පුදුමයට පත්කළ බවත්, එමෙන් ම ඇගේ හදවතේ සතුට සාගරය තරම් ගැඹුරු බවත් කමලා පැවසුවා. වසර බොහොමයකට පෙර, එනම් වයස අවුරුදු පහ වන විටදි පවා ඔහු ඔහුගේ නම නිවැරදි ව උච්චාරණය නොකළ බව ඔහුට දැනගැනීමට හැකිවුණා. ඔහුගේ නම වන 'ෂෙරූ' හි අර්ථය වුණේ 'සිංහයා' යන්නයි.."
අවුරුද්දකට ඉන්දියාවේ 80,000ක් පමණ දරුවන් අතුරුදහන් වෙනවා. Lion කියන්නේ ඒ අතුරුදහන්වන එක් දරුවෙක් වටා ගෙතුන Hollywood movie එකක්. භාරතීය සිනමාවෙන් Hollywood පුරවරයට ගිය වාසනාවන්තයා, Dev Patel මේ movie එකේ ඉන්නවා. ඉන්නවා විතරක් නෙමේ “Best Performance by an Actor in a Supporting Role” කියන category එකෙන් Oscar නිර්දේශ වෙලත් ඉවරයි. මේකේ ඉන්නවා පුදුම විදියට ආදරේ හිතෙන පොඩි උන් දෙන්නෙක්. ඒකෙනුත් පුංචිම කෙනා, ඒ කියන්නේ අපේ කතා නායකයා. ඔබ movei එක බලන අතරේ එක්වරක් හෝ් කඳුලු හෙලාවි ඒ කුඩා දරුවා නිසා.. Dev Patelගේ රංගනයට වඩා පොඩි උන් දෙන්නගේ රගපෑම ඉස්තරම්. ඒ තරම් නියමෙට රගපානවා පොඩි උන් දෙන්නා. සංවේදී කතා පුවතක් යන්නේ ඉන්දියාව මුල් කරගනිමින්. මේක දැනට Oscar 6කට නිර්දේශ වෙලා ඉවරයි. Golden Globes, BAFTA Awards, Screen Actors Guild Awards, AACTA International Awards, AARP Movies for Grownups Awards, African-American Film Critics Association (AAFCA) වගේ ගොඩක් සිනමා උළෙලවල් වල නිර්දේශ වෙලා සම්මානත් දිනාගත්තු සිනමා කෘතියක්..
දෙවෙනි වතාවටත් බලන්න ඉදගන්න මොහොතක් තියා මානව හිතවාදි කලා කෘතියක් ගැන ඔබව දැනුවත් කරන්නයි මේ සටහන.
උපුටා ගැනීමකි