රංගන ශිල්පියෙක් සහ නාට්‍යවේදියෙක් වන ලලිත් ප්‍රේමතිලක ගේ කුළුඳුල් සිනමාපටය වන “රයිගමයයි- ගම්පලයයි” ළඟදීම දිවයින පුරා ප්‍රදර්ශනයට නියමිත බව මිරර් ආට් වෙත වාර්තා වේ.
කුමාර තිරිමාදුර සහ ගිරිරාජ් කෞශල්‍ය ප්‍රධාන චරිත නිරුපනය කරන මෙම සිනමාපටයේ සෙසු චරිත සඳහා පියුමි හංසමාලි, විජේරත්න වරකාගොඩ, රෝහිත් මාන්නගේ, ලක්ෂ්මන් අමරසේකර, හේමන්ත ජයලත්, ආනන්ද විජේතිලක, බුද්ධික එදිරිසිංහ, කෞෂි තිලකරත්න, සමන් ශාන්ත ලංකාපුර, එච්. එම්. චමින්ද, ඉසුරු නාවෝද්ය, සමිත මධුශාන් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වී තිබේ.
සහාය අධ්‍යක්ෂණයෙන් අමිල පහතගෙදර එක්වන රයිගමයයි ගම්පලයයි ළමා චිත්‍රපටය තිස්ස නාගොඩවිතාන චිත්‍රපට වෙනුවෙන් හරේන් නාගොඩවිතාන නිෂ්පාදනයකි.
ඊට සම නිෂ්පාදනයෙන් හර්ෂ පණ්ඩිතරත්න සමඟ කුෂාන් විජේසිංහ, විධායක නිෂ්පාදනයෙන් රොෂාන් සංජේ හේරත්ගේ, කැමරාව බුද්ධික මංගලගේ, කලා අධ්‍යක්ෂණය හේමන්ත ජයලත්, වේශ නිරූපණ ශිල්පියා හෙන්රි ප්‍රේමරත්න, සංගීත අධ්‍යක්ෂණය ශාන්ත පීරිස්, සංස්කරණය අනුර බණ්ඩාරගේ, නිෂ්පාදන කළමනාකරු උෂාන් පෙරේරා එක් වී ඇත.
රයිගමයයි ගම්පලයයි චිත්‍රපටයේ පසුබිම් ගායනා කරනු ලබන්නේ කුමාර තිරිමාදුර සහ ශාන්ත පීරිස් විසිනි.