ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් දෙවැනි වරටත් සංවිධාන කරනු ලබන “2018 රජත පුස්තක” සම්මාන උළලේ අවසන් වටය සඳහා කෘතීන් තෝරා පත් කරගෙන තිබේ.
එහිදී සිංහල කෙටිකතා, කාව්‍ය ග්රන්ථ සහ යොවුන් කතා කෘති යන අංශ වලින් අවසන් වටයට නිර්දේශ වී ඇති කෘතීන් මෙසේය,
යොවුන් කතා කෘති
බහිරවගලේ නිධානය - චතුරි දමයන්ති - ගොඩගේ ප්‍රකාශන.
කොළ කල්ලිය - බුවනෙක වන්නිඅච්චි.
රත්තරං පුතෙක් - සුමනසිරි පන්නිලහෙට්ටි - ගොඩගේ ප්‍රකාශකයෝ.
හිඹුටුදෙනිය කදුපාමුලින් - පියසිරි මාතරගේ- ගොඩගේ ප්‍රකාශකයෝ.
කෙටිකතා කෘති
අළු පැහැති ආරංචි - ලියනගේ අමරකීර්ති - සුරස ප්‍රකාශන.
ගිහින් එන්න කානිවල් - සුමුදු නිරාගී සෙනෙවිරත්න - ගොඩගේ ප්‍රකාශන.
මල්බෙරි සමය - සුනන්දා ප්‍රේමසිරි - සූරිය ප්‍රකාශන.
සුනෙත් කාන්තගේ ශෝකාන්තය - සුදර්ශන සමරවීර - අහස මීඩියා.
කාව්‍ය කෘති
ගිරි මුදුන මගේ නිවහන - සුනිල් විජේසිරිවර්ධන - විදර්ශන ප්‍රකාශකයෝ.
තවමත් මල් - ආරියවංශ රණවීර - අහස මීඩියා.
වස්සානයෙන් පසුව - රත්න ශ්‍රී විජේසිංහ - සන්ථව ප්‍රකාශන.
කවුලු ඇස පාමුල - ළහිරු කිතලගම - සන්ථව ප්‍රකාශන.
සම්මාන උළෙල එළඹෙන ජූනි 15 වැනිදා බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.