ප්‍රවීණ චිත්රශිල්පි කලාශූරි ආචාර්ය ජයසිරි සේමගේ මහතාගේ නවතම චිත්‍ර ප්‍රදර්ශනය ජුනි 15 සිට 17 දක්වා ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වීමට නියමිතය.
මෙම චිත්‍ර ප්‍රදර්ශනයට ඔහුගේ සිසු සිසුවියන් 05 දෙනකුගේද සිතුවම් ඇතුළත් වීම විශේෂත්වයකි.
.ජයසිරි සේමගේ යනු තමන්ටම ආවේනික ශෛලියක් ගොඩනඟාගත් චිත්‍ර ශිල්පියෙකි. ලොව ඕනෑම තැනකදී ඔහුගේ චිත්ර්රයක් ඉතා පහසුවෙන් හඳුනාගත හැක්කේ ඔහුටම ආවේනික වූ මේ ශෛලිය නිසාය. සේමගේ සෑම නිර්මාණ තුළින් මිනිස් සිත්සතන් තුළට ඇතුළත් කරනුයේ ආදරය, ප්‍රේමය කරුණාව මුල්කරගත් සිතිවිලි දාමයකි
සේමගේ ඡන්ම ලාභය ලැබුවේ කලාකරුවන්ගේ නිජබිමක් වන, දකුණු පළාතේ අම්බලන්ගොඩ දිය. ධර්මාශෝක විද්‍යාලයන් අධ්‍යාපනය ලද ඔහු. පසුව "ලංකාදීප" පත්‍රයේ ස්වාධීන චිත්‍ර ශිල්පියකු වශයෙන් සේවයට එක් විය. , පසු කලකදී "දවස" පුවත් පත් ආයතනයේ ප්‍රධාන චිත්‍ර ශිල්පියා වශයෙන් පුරා අවුරුදු 20 ක් පමණ කාලයක් සේවය කළේය.
1975 දී හාපුරා කියා මැලේසියාවේ ක්වලාම්පූර් නුවර ඒකපුද්ගල බෞද්ධ චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වීමෙන් පසු එම සංචාරයේදී මැලේසියාවේත්, පිනැංගු නුවරත්, සිංගප්පූරුවේත් බෞද්ධ විහාර 3 ක බෞද්ධ බිතු සිතුවම් ඇඳීමේ ගෞරවය ප්‍රථම ශ්‍රී ලාංකික චිත්‍ර ශිල්පියා වශයෙන් ජයසිරි සේමගේ නැමැති මෙම ශ්‍රී ලාංකික චිත්‍ර ශිල්පියාට හිමිවිය.
කලක් ඔහු සිළුමිණ පුවත්පතේ ශාස්ත්‍රීය සංග්‍රහයට සිරි රහල් හිමියන්ගේ සැලළිහිණි සංදේශයත් වෑත්තෑවේ මහ නාහිමියන්ගේ ගුත්තිල කාව්‍යයත් සිත්තමට නැඟුවේ ඒ සිත්තම් රසික ජනාදරයට පත්විය.
ස්වීඩනය, ස්විට්සර්ලන්තය, තායිලන්තය, සිංගප්පූරුව, මැලේසියාව, ඕමානය ඇතුළු ලෝකයේ රටවල් රාශියක ඔහු චිත්‍ර ප්‍රදර්ශන පවත්වා ඇත්තේය.
ජයසිරි සේමගේ ගේ "රට රකින දැත්" නැමැති විශාල තෙල් සායම් චිත්‍රයක් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ ප්‍රධාන ශාලාවේ ස්ථිරව තැන්පත් කොට තිබේ.