ඞීබී කුරුප්පු අනුස්මරණ වාර්ෂික කෙටිකතා තරගාවලිය 2018 සඳහා නිර්මාණ භාර ගැනීම මේ දිනවලදී සිදු වේ.
එහි තරග කොන්දේසි මෙසේ ය,
1 සිංහල භාෂාවෙන් ලියන ඕනෑම අයෙකුට වයස් සීමාවකින් තොරව සහභාගි විය හැකි ය.
2 එක් අයෙකුට එවීමට අවසර ඇත්තේ එක් නිර්මාණයක් පමණකි.
3 තරගයට ඉදිරිපත් කරන නිර්මාණ මෙයට පෙර ප්‍රකාශිත ඒවා නොවිය යුතු ය.
4 වචන සීමාවක් නැත.
5 සියලුම කෙටිකතා යතුරු ලියනය කර හෝ ස්කෑන් කර හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ඊමේල් ලිපිනයට එවිය යුතුය.
6 නිර්මාණ බාරගන්නා අවසාන දිනය 2018 අගෝස්තු 31 ය.
7අවසාන වටයට තේරෙන කෙටිකතා දහය පොතක් ලෙස මුද්‍රණය කරන්නට කටයුතු යොදා ඇත. තරගකරුවන් එයට එකඟ විය යුතුය.
8 තරගය පිළිබඳ මතුවන සියලු කරුණු කාරණා වලදී අවසන් තීරණය සන්නස සංස්කාරකවරුන් සතු ය.
අවසන් විනිශ්චය ප්‍රවීණ නිර්මාණකරුවන්ගෙන් සුසැදි විනිශ්චය මණ්ඩලයක් විසින් ගනු ලබන අතර රන් පන්හිඳ සම්මානය දිනාගන්නා කෙටිකතාවට මුදලින් රුපියල් 50000 ක්ද දෙවන තැන දිනාගන්නා කෙටිකතාවට මුදලින් රුපියල් 30000 ක්ද තෙවන තැන දිනාගන්නා කෙටිකතාවට මුදලින් රුපියල් 20000 ක්ද පිරිනැමෙයි.
සිංහල කෙටිකතාකරුවන් දිරිමත් කිරීමේ අරමුණෙන් පැවැත්වෙන මෙම තරගය සන්නස මාසිකය, ඔස්ටේ්රලියාවේ ශ්‍රී ලාංකික ලේඛක සංසදය සමග එක්ව සංවිධාන කෙරෙන්නකි.