මුම්බායි හි පිහිටි Breach Candy රෝහලේ දී සයිෆ් අලීඛාන් සහ කරීනා කපූර්ගේ කුළිඳුල් දරුවා (20) මෙලොව එලිය දුටුවා.
Taimur යනුවෙන් එම පිරිමි දරුවාට නම තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
සමස්ත ඉන්දියාවෙන් අඩකට වඩා අවධානය යොමු කළ මෙම දරු උපතටත් වඩා මේ වන විට ඔහුට තැබු නම සම්බන්ධව දැඩි කතාබහකට යොමුව ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා පළ කර සිටිනවා.
Taimur Ali Khan Pataudi ‘තයිමූර්’ නමින්. ඒ කියන්නෙ ඔහු නමින් තයිමූර් අලී ඛාන් පටෞඩි වෙනවා.
තයිමූර් කියන්නෙ 14වන සියවසේ සිටි බව කියන මොන්ගෝලියානු ආක්රමණිකයකු වන බවයි කියැවෙන්නේ එය ඉන්දියාවෙ පාසල් පෙළ පොත්වල සඳහන් නමක්.
කෙසේ වුවත් මේ ආන්දෝලනාත්මක නම තමන් සිය පුතාට ලබා දුන් බව මව්පිය දෙපල වන කරීනා හා සායිෆ් මේ වෙද්දි ට්විටර් පණිවිඩයකින් පවසා තිබෙනවා.
ඉන්දියාවේ 2016 වසරේ ජනප්‍රියම දරු උපත මෙය බව පැවසෙනවා.