මෙරට අතිශයින් ජනප්‍රියත්වයට පත් “බිග් බෑඩ් වුල්ෆ්” පොත් ප්‍රදර්ශනයට සමගාමිව සමාජ සත්කාර වැඩසටහන් කිහිපයක් සිදු කිරීමට කටයුතු සුදානම් කර ඇති බව එහි සංවිධායකයො පවසති.
දිවයින පුරා තෝරාගත් පාසල් පුස්තකාල රැසකට පොත් දහසකට වැඩි ප්‍රමාණයක් නොමිලේ ලබාදීමට නියමිත අතර පොත් ලබා ගැනීමට පැමිණෙන පාඨකයන් හට ද මෙම සත්කාරයට එක් වීමේ අවස්ථාව එහිදී ඔවුන් සලසා දී ඇත.
ඒ අනුව පොත් ප්‍රදර්ශනයෙන් මිලදී ගන්නා ළමා පොතක් “රෙඩ් රීඩර්හුඩ්” ලෙස හඳුන්වනු ලබන මෙම පොත් පරිත්‍යාග වැඩසටහනේ කුටියට ලබා දීමට ඔබට ඉඩකඩ හිමිවේ.
ඊට අමතරව අධ්‍යාපන අමාත්‍යංශය හා එක්ව අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහලම ප්‍රතිපල ලබා ගත් සිසුන් ප්‍රදර්ශනයට එක් කරගනිමින් ඔවුන්ට අවශ්‍ය පොත් නොමිලේ ලබා ගැනීමට ද අවස්ථාව ලබා දී තිබෙන බව සංවිධායකයෝ පවසති.
“බිග් බෑඩ් වුල්ෆ්” පොත් ප්‍රදර්ශනය එළඹෙන ජූනි 28 වැනිදා සිට ජූලි 8 වැනිදා දක්වා අඛණ්ඩව පැය 255 ක් කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට නියමිතය.
පොත් මිලියන 1.5 කට අධික ප්‍රමාණයක් 60% ත් 80% ත් අතර වට්ටමක් යටතේ එහිදී මිලදී ගත හැකිය.