ප්‍රවීන නවකතා ලේඛක, ටෙලිනාට්‍ය සහ චිත්‍රපට තිර පිටපත් රචක සෝමවීර සේනානායක අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කොළඹ පෞද්ගලික රෝහලක දී ඔහු මිය යන විට 74 වන වියේ පසුවුණා.
සෝමවීර සේනානායක ප්‍රවීණ ලේඛකයෙක්, මාධ්‍යවේදියෙක් පමණක් නොව අපේ රටේ ටෙලි නාට්‍ය කලාව වෙනුවෙන්ද කැප වූ සාහිත්‍යධරයෙක් විය.
ඔහු රචනා කළ 'යශෝරාවය' නවකතාව ඇසුරෙන් නිර්මාණය කෙරුණු 'යශෝරාවය' ටෙලි නාට්‍යයද එකල බොහෝ දෙනාගේ ආදරයට පාත්‍ර වුණු 'දූ දරුවෝ' පළිඟු මැණිකේ, 'ගිරය' වැනි ටෙලි නිර්මාණද මෙරට ටෙලි නාට්‍ය ක්ෂේත්රයේ සුවිශේෂි නිර්මාණ ලෙසින් අදටත් ඉහළින්ම වැජඹේ.
සෝමවීර සේනානායක මහතාගේ අභාවය පිළිබඳ සාතිශය සංවේගය මෙසේ පළ කර සිටිමු.