මෙරට සමාජ විඥානය පාලනය කරන බලවත්ම උවදුරක් වන්නේ මිත්‍යාව බවත් ඒ කොතෙක්ද යත් හොදින් ජීවත්ව සිටින මිනිසුන් ළඟදීම මියයන බවට වාර්තා පළ කරන රටක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත් ප්‍රවීන කලාකරු ලූෂන් බුලත්සිංහල පවසයි.
පසුගිය 22වන දින ‘පුරවැසි බලය’ විසින් කැඳවා තිබූ මාධ්‍ය සාකච්ජාවකට සහභාගි වෙමින් ඔහු එසේ කීවේ ජනාධිපති සිරිසේන මාස හයක් තුළ මිය යන බවට රාජපක්ෂවාදී පිරිස් විසින් ගෙන යමින් ඇති ප්‍රචාරය සම්බන්ධයෙනි.
තව දුරටත් අදහස් දැක්වූ ලූෂන් බුලත්සිංහල කියා සිටියේ මෙරට ප්රගමනයට ඇති ප්‍රධානතම බාධාවක් වන මිත්‍යාව සමඟ සටන් වැදීම අද දවසේ ප්‍රධාන අභියෝගයක් බවයි.
ජිවත්ව සිටින මිනිසකු අහවල් දිනයේ මිය යන බවට මිත්‍යා විශ්වාස මත පදනම්ව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට තරම් අද මෙරට දේශපාලනය පිරිහී ඇතියි කී බුලත්සිංහල මහතා එවැනි මිත්‍යවන් විසින් අන්තවාදය සහ ජාතිවාදය ශක්තිමත්කරන බවද කියා සිටියේය.
මෙරට සාක්ෂරතා අගය ඉහළ පැවැතියද උගත්කම විරල වන අතර නූගත්කම ප්‍රථූල යැයිද මිත්යව රජ කරන්නේ එබැවින් යැයි ද ඔහු වැඩිදුරටත් කියා සිටි සිටියේ ය.