දේශීය සිනමාවේ මහා කලා මංගල්‍ය ලෙසින් හැඳින්වෙන සරසවි සිනමා සම්මාන උළෙල 2018 පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා පැවැත්වුණි.
කලාකරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූ එම හමුව පැවැත්වුනේ මරදාන ටෙරස් එක්ස්පර්ට් හි දී ය.
මෙරට සිනමාවේ නිර්මාණ සහ ශිල්පින් ඇගයීම උදෙසා 1964 වසරේ පටන් පවත්වාගෙන ආ මෙම සම්මාන රාත්‍රිය මෙවර අගෝස්තු 3 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී සිදු කිරීමට කටයුතු සුදානම් කර ඇති බව සංවිධායක මණ්ඩලය එහිදී ප්‍රකාශ කළේය.
34 වැනි වතාවට සංවිධාන කෙරෙන උළෙලේ දී ඇගයීමට ලක්වන්නේ 2016 සහ 2017 වසරේ තිරගත සිනමාපටයි.
ඒ අනුව 2016 දී තිරගත වුනු චිත්‍රපට අතරින් 25ක් සහ 2017 වසරේ තිරගත වුනු චිත්‍රපට 26ක් මෙලෙස ඇගයීම් සඳහා සලකා බලනු ලැබේ.
තරඟකාරී අංශය වෙනුවෙන් සම්මාන 24ක් පිරිනැමෙන අතර වර්ෂ දෙකෙහිම තරගකාරී අංශය වෙනුවෙන් සම්මාන 48ක් පිරිනැමෙනු ඇත.
මෑතකදී සරසවි සම්මාන උළෙලට හඳුන්වා දුන් “ආචාර්ය ලෙස්ටර් ජේමිස් පිරිස් සම්මානය” සඳහාද වසර දෙක වෙනුවෙන් වෙන වෙනම සිනමාපට සලකා බලෙන බව සංවිධායකයන් ප්‍රකාශ කර තිබේ.
ප්‍රේක්ෂක මනාප අනුව ජනප්‍රිය සම්මාන ලබා දීම මෙවරත් සිදු කෙරෙන අතර ජනප්‍රියම සිනමාපටය ලෙස සම්මානයට හිමිකම් කියන්නේ වසරේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටයයි.
එසේම සිනමාව වෙනුවෙන් සිදු කල කැපකිරීම උදෙසා පිරිනමන රණ තිසර යාවජීව සම්මානයද සම්මාන උළලේදී ලබා දෙනු ඇත.
ඒ අනුව සිනමාපට 49 ක් සඳහා සම්මාන 60 කට අධික ප්‍රමාණයක් පිරිනැමීමට මේ වනවිට සුදානම් කර ඇති බව සංවිධායකයෝ පවසති.