ඉන්දීය නිළියන් ඇමරිකාවට ගෙන්වා ගනිමින් නීති විරෝධිව පවත්වාගෙන ගිය ගණිකා ජාලයක් සම්බන්ධ තොරතුරු හෙළිදරව් වීමෙන් දකුණු ඉන්දීය තෙලිඟු සිනමා කර්මාන්තය දැඩි කැළඹීමකට පත් වි තිබේ.
ඇමරිකා එක්සත් ජනපදයේ විසු ඉන්දීය ජාතික යුවල පසුගිය අප්‍රේල් අග දී අත්අඩංගුවට පත්වීමෙන් පසු මෙම කරුණු ආනාවරණය වි ඇත.
සංස්කෘතික උත්සවයක ආරාධිත අමුත්තන් හෝ රංගන දායකත්වය දක්වන්නන් ලෙස සහභාගී වන බවට බොරු හේතු සඳහන් කරමින් තෙලිඟු නිළියන් අවම වශයෙන් 5 දෙනෙකු රට තුළට ගෙන්වීම ගැන කිෂාන් මොදුගුමුදී සහ ඔහුගේ බිරිඳ චන්ද්‍රා ට චෝදනා එල්ල වි තිබේ.
මුදලට නිළියන් සමඟ ලිංගිකව එක් වීමට කැමති ගනුදෙනුකරුවන් මොදුගුමුදී විසින් හඳුනාගෙන ඇත්තේ මෙම කාන්තාවන් උත්සවය වෙත ගෙන යාමෙන් පසුව බවත් එහිදී ඩොලර් 450 ත්- 2500 ත් අතර මුදලක් එක් ගණුදෙනුවක් වෙනුවෙන් ඔහු ලබා ගෙන ඇති බව BBC පුවත් සේවය වාර්තා කරයි.
කෙසේ වෙතත් මේ පුවත තෙලිඟු සිනමා කර්මාන්තය තුල දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇත.