ප්‍රකට බොලිවුඩ් රංගන ශිල්පිනි ප්‍රියංකා චොප්රා නිතර පුවත් මවන්නියක් ලෙසට ප්‍රචලිතයි.
බොලිවුඩය තුළ පමණක් නොව මේ වනවිට හොලිවුඩය තුළද නමක් දිනා ගැනීමට සමත්ව සිටින මේ රූමතිය, එරට ප්‍රවීන රංගන ශිල්පී අමිතාබ් බච්චන් අබිබවා යන්නට සමත් වු පුවතක් ගැන වාර්තා වනවා.
ඒ ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයන් සංඛ්‍යාව අතින්.
ඒ අනුව ඇය මේ වනවිට ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයන් මිලියන 25 ඉක්මවීමට සමත්ව සිටිනවා.
එම සංඛ්‍යාව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි (මිලියන 13.5) හා ප්‍රවීන රංගන ශිල්පී අමිතාබ් බච්චන් ඉක්මවා යාමක් ලෙසයි ඉන්දීය මාධ්‍ය හඳුන්වන්නේ.
ප්‍රියංකා චොප්රා ඇය ඉහලට ඔසවා තැබීම සම්බන්ධයෙන් සිය රසිකයන්ට ස්තුති කරන්නටත් අමතක කර තිබුනේ නැහැ.
අමිතාබ් බච්චන් අනුගාමිකයින් මිලියන 9.5
විරාත් කෝලි අනුගාමිකයින් මිලියන 22.7
ශාරුක් ඛාන් අනුගාමිකයින් මිලියන 13.3
සල්මන් ඛාන් අනුගාමිකයින් මිලියන 17.3
ආමීර් ඛාන් අනුගාමිකයින් මිලියන 1.2
දීපිකා පසුකොන් අනුගාමිකයින් මිලියන 24.9