ලොව බලවත් කාන්තාවන් අතරට එක්වන එංගලන්ත ජාතික ඇය සංගීතය නිසා බලවත්ව සිටින්නීය.
31 හැවිරිදි ග්රේස් ලඩෝජා සංගීත අධ්යක්ෂවරියක මෙන්ම චිත්රපට නිෂ්පාදිකාවක, ඡායාරූප ශිල්පිනියක ලෙස කටයුතු කරයි.
උතුරු ලන්ඩනයේ වෙසෙන ඇය විසින් එරට රැප් සංගීතය වෙනුවෙන් සිදු කරන ලද මෙහෙය අතිමහත්ය.
එංගලන්තයේ සංගීත ක්ෂේත්රයේ ප්රගමනය වෙනුවෙන් සිදු කළ මෙහෙය වෙනුවෙන් ඇය MBE සම්මානයෙන්ද පිදුම් ලැබීය.