අභාවප්‍රාප්ත ප්‍රවීන ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා (12) පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.
ඇගේ දේහය මේ වනවිට පානදුර ප්‍රදේශයේ පිහිටි ඒ මහත්මියගේ නිවසේ තැම්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු පානදුර මිනුවම්පිටිය සුසාන භූමියේදී සිදු කෙරෙනු ඇත.
එසේම ප්‍රවීන ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහගේ අවමංගල්‍යයේ සියලු කටයුතු ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමය විසින් සිදු කරන බව එම සංගමයේ සභාපති ගායන ශිල්පී කීර්ති පැස්කුවල් ප්‍රකාශ කර තිබේ.
කදුල නිවන්නම් ගීතය තුළින් ක්ෂේත්රය තුළ වඩාත් ජනප්‍රියත්වයට පත් ප්‍රියාණි ජයසිංහ එදා මෙදාතුර රසික හදවත් පුබුදුවාලූ ගීත රැසක් ගායනා කර තිබේ.