ශ්‍රී ලාංකේය සිනමා සටන් නළුවන්ගේ වෘත්තීය මට්ටම ඉහළ නැංවීම අරමුණු කරගනිමින්
මෙරට සිනමාවේ ක්‍රියාදාම ශිල්පීන්ගේ පදනම ඊයේ (10) දින ස්ථාපිත කරන ලදී.
එම උත්සවය ජාතික චිත්‍රපට සංස්ථාවේ ශ්‍රවණාගාරයේදී පැවැත්වූ අතර කලා ශිල්පින් රැසක් ඊට සහභාගී වි සිටියහ.
සිනමා ක්‍රියාදාම ශිල්පීන්ගේ පදනමේ සභාපති ධුරයට ප්‍රවීණ නළු ක්ලීටස් මෙන්ඩිස් ද, ලේකම් ධුරයට ප්‍රවීණ නළු ටෙඩී විද්‍යාලංකාර ද තේරී පත් වූහ.
ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න, ප්‍රවීණ රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය, ,ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ සුනිල් සෝම පීරිස් සහ නුවන් නයනජිත් කුමාර එහිදී දෙසුම් පැවැත්වුහ.
මෙරට සිනමා සටන් නළුවන්ගේ වෘත්තීය මට්ටම ඉහළ නැංවීම, ජීවිත රක්ෂණය හා සුභ සාධනය මෙම පදනම පිහිටුවීමේ ප්‍රධාන අරමුණු වේ.
ඡායාරූප: සමන් රණවීර