රොබර්ට් ගැල්බ්රේත් නම් ආරූඪ නාමය යටතේ ජේ.කේ. රෝලින්ග් විසින් රචනා කරනු ලැබූ කොමෝරන් ස්ට්රයික් නවකතා මාලාවේ සිව් වන කෘතිය ලීතල් වයිට් එළඹෙන
සැප්තැම්බර් 18 වැනිදා ජනගත කිරීමට නියමිත ය.
ට්විටර් සමාජ ජාලය ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් ඇය ග්රන්ථයේ පිටකවරය ද නිකුත් කර තිබේ.
පෞද්ගලික විමර්ශන නිලධාරියෙක් වන ස්ට්රයික් සහ ඔහුගේ සහයකයා රොබින් එලකොට් “ලීතල් වයිට්” හි ප්රධාන චරිත වේ.
බිලී නම් කරදරකාර තරුණයෙක් දුටු අපරාධයක් වටා මෙහි කතාව ගෙතී ඇතැයි ප්රකාශන ආයතනය වන ලිට්ල් බ්රව්න් පවසයි.
“ලීතල් වයිට්” මුල් කෘති ත්රිත්වය වන “ද කුකුස් කෝලින්”, “ද සිල්ක්වෝම්” සහ “කැරියර් ඔෆ් ඊවිල්” හි පිටපත් මිලියන 1.2 ක පමණ ප්රමාණයක් පවුම් මිලියන 7.5 කට විකිණී ඇති බව නීල්සන් බුක් ස්කෑන් වාර්තා කර තිබේ.