ශ්‍රී ලංකා රංග කලාවේ නව මානයන් සොයා යන්නවුන් වෙනුවෙන් අවකාශය වෙන් වූ කොළඹ නාට්‍ය කතිකාවේ මෙවර අදියර ජූලි 31 වැනිදා පැවැත්වීමට නියමිත වේ.
ඒ එදින පස්වරු 5 ට ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී යි.
‘ග්‍රිප්ස් රඟහල’ (ළමා හා යොවුන් නාට්‍ය) වාර්තා චිත්‍රපටය හා සංවාදය නාට්‍යවේදී එම්.සෆීර් ගේ මෙහෙයවීමෙන් මෙදින කතිකාවට ගැනේ.
අන්තර් ක්‍රියාකාරී කලා රඟහල සහ ශ්‍රී ලංකා ජර්මානු සංකෘතික මධ්‍යස්ථානය එක්ව සංවිධාන කරන මෙම වැඩසටහන සඳහා ඔබටත් සහභාගී විය හැකිය.
“ග්‍රිප්ස් රඟහල”
“බර්ලින් නගරයේ රෙයිච්ස්කැබරේ ළමා රඟහල ගොඩනගනු ලැබුවේ 1956 දීය. රෙයිච් කැබිනට් යනු එවකට ඉතා ප්‍රසිද්ධියට සහ සාර්ථකත්වයට පත් වාමාංශික කැබරේ කණ්ඩායමකි. මෙම කණ්ඩායමේ සමාරම්භකයින් දෙදෙනාගෙන් කෙනෙක් වූයේ වොල්කර් ලූඞ්විග් යන ලේඛකයායි. 1956 ග්‍රීෂ්ම ඍතුවේදී ඔවුන් ළමුන් සඳහා සති අන්තයේ රඟදැක්වීම් කරන්නට වූහ. ක්‍රම ක්‍රමයෙන් තව තවත් ළමා රංඟ ශාලා වර්ධනය වන්නටත් ළමා ඉදිරිපත් කිරීම් වැඩි වන්නටත් විය. එහි අරමුණ වූයේ එවකට සාම්ප්‍රදායක්ව තිබූ සුරංගනා කථා වේදිකා ගත කිරීම පමණක් නොවීය. ඊට හාත්පසින්ම වෙනස්, ළමුන් සඳහාම ලියැවුනු නිර්මාණාත්මක, එවකට ලෝකයේ ළමුන්ට ඍජුවම අදාල සංසිද්ධි රඟදැක්වීම් සිදු කිරීමයි.”