චිත්‍රපට බෙදාහැරීමේ කටයුතු ජාතික චිත්‍රපට සංස්ථාවට පවරාගැනීමට ගෙන ඇති තීරණය අත්හිටුවමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය ලබන 25 වනදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය තීරණය කර තිබේ.
චිත්‍රපට බෙදාහැරීම සිදුකළ පෞද්ගලික සමාගම් 04ක් විසින් ගොනු කර තිබූ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන දිසා විනිසුරුවරයා මෙම නියෝගය ලබාදී ඇත.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ විනිසුරුවරයා ලබන 17 වන දින එම පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ගොනු කරන ලෙස ජාතික චිත්‍රපට සංස්ථාව ප්රමුඛ වගඋත්තරකරුවන්ට නියෝග කර තිබේ.
චිත්‍රපට සංස්ථාව වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන අධිකරණයට දන්වා සිටියේ චිත්‍රපට කර්මාන්තයේ උන්නතිය සඳහා එම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි.
අද දෙරණ පුවතක් ඇසුරින්