කණිෂ්ඨ පාපන්දු ක්‍රීඩකයින් 12 දෙනකු සහ ඔවුන්ගේ පුහුණුකරු සති දෙකකට වැඩි කාලයක් සිරවී සිටි උතුරු තායිලන්ත ගුහා සංකීර්ණය
කෞතුකාගාරයක් බවට පත් කිරීමට තීරණය කර තිබේ.
මුදවා ගැනීමේ මෙහෙයුම් සිදු වූ ආකාරය නිරුපණය කෙරෙන අන්දමින් එය නිර්මාණය කෙරෙන බව ඒ සඳහා මුලිකත්වය ලබාදුන් එරට බලධාරීන් පවසයි.
කෙසේ වෙතත් මෝසම් වැසි කාලයට එරට දැඩි ගංවතුර තත්වයන්ට මුහුණ දෙන බැවින් මෙම කෞතුකාගාරය වසර පුරාම විවෘතව තැබෙන බවට පැහැදිලි නොවේ.
එසේම ගලවා ගැනීමේ මෙහෙයුම් සම්බන්ධ කතාන්දරය පදනම් කරගනිමින් සිනමාපට දෙකක් නිර්මාණය කිරීමට ද එක්සත් ජනපද නිෂ්පාදන ආයතන දෙකක් සුදානමින් පසුවන බව මාධ්‍ය වාර්තා කර ඇත.
මුදවා ගැනුණු පාපන්දු කණ්ඩායම මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.
තාම් ලුඅන් ගුහා සංකීර්ණය
තාම් ලුඅන් නම් ලෙන තායිලන්තයේ පිහිටි විශාලතම ගුහා සංකීර්ණ වලින් එකකි.
මියන්මාර දේශ සීමා ආසන්නයේ පිහිටි උතුරු චියැන්ග් රේ පළාතේ මේ සෙයි නම් කුඩා ගම්මානය වටා පිහිටි කඳු පන්ති යටින් එය දිවෙයි.