ජනප්‍රිය රංගන ශිල්පී සන්ජේ දත් ගේ ජිවිත කතාව ආශ්රයෙන් නිෂ්පාදනය කළ රාජ් කුමාර් හිරානිගේ නවතම බොලිවුඩ් සිනමාපටයේ නම තමයි “සංජු” කියන්නේ.
මෙහි සන්ජේ දත් ලෙසින් ප්‍රධාන චරිතයට පණ පොවන්නේ වර්තමානයේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පියකු වන රන්බීර් කපුර්.
මෙම සිනමාපටය පසුගිය ජූනි මස අග සිට ප්‍රදර්ශනය ආරම්භ කෙරුණා.
ප්‍රදර්ශනය ආරම්භ කර දින 13 වැනි කෙටි කාලයක් ඇතුලත මෙම සිනමාපටයේ ආදායම් වාර්තා ආමීර් ඛාන් රංගන දායකත්වය සැපයු ඩූම් 3 අභිබවා යන්නට සමත් වි ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
ඒ අනුව “සංජු” මේ වනවිට ලබා ගෙන ඇති සමස්ත ආදායම ඉන්දීය රුපියල් කෝටි 284.83 ක් බව බොක්ස් ඔෆිස් ඉන්ඩියා වෙබ් අඩවිය සඳහන් කරනවා.
බොක්ස් ඔෆිස් වාර්තා විශාල ප්‍රමාණයක් බිඳ දැමූ මෙම සිනමා නිර්මාණය 2018 වසරේ වැඩිම ආදායමක් ලද චිත්‍රපටය බවට පත්ව තිබෙන අතර එය කෝටි 300 ආදායම් වාර්තාව අභිබවා යාමට ද සුදානමින් පසු වනවා.
සෝනම් කපූර්, මනිෂා කොයිරාල, අනුෂ්කා ශර්මා, දියා මිර්සා, විකී කෞෂාල් ඇතුළු පිරිසක් “සංජු” හි සෙසු චරිත සඳහා දායකත්වය සපයා තිබෙනවා.