බැලේ නාටකයක් රඟදක්වන අතරතුර රඟහලේ විදුලි බල සැපයුම් සම්පුර්ණයෙන්ම පාහේ ක්‍රියා විරහිත වීමේ සිදුවීමක් සම්බන්ධයෙන්
කුසගින්නේ සිටි මීයකුට චෝදනා එල්ල වීමේ සිදුවීමක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වෙනවා.
ඕස්ට්‍රේලියන් බැලේ පදනම විසින් රඟ දැක්වූ ස්ලීපින් බියුටි නම් නාටකයේ දෙවැනි භාගය අතරතුරදී නර්තන ශිල්පින් සහ ප්‍රේක්ෂකයින් මෙම අත්දැකීමට මුහුණ දී තිබේ.
විදුලි බලය අඩාල වීම සංවිධායකින් ගේ අතපසුවීමකින් සිදු නොවුවක් බව තහවුරු කරගත් පසු ඇඩිලේඩ් හි පිහිටි රඟහලෙන් ප්‍රේක්ෂකයින් 2000 ක් පමණ ඉවත් කර ඇත්තේ විදුලි පන්දම් එළි ආධාරයෙනි.
මීයකු කළ හානියක් මේ සඳහා හේතු වි ඇතැයි එරට බලධාරීන් පසුව නිවේදනය කර ඇත.
මෙම බල අඩාල වීම එම ප්‍රදේශයේ තවත් ස්ථාන කිහිපයකටම බලපා ඇති බවත් තවත් නර්තන ප්‍රසංගයක් නවතා දැමීමට එය හේතු වි ඇති බවත් මාධ්‍ය වාර්තා කර තිබේ.