ජනප්‍රිය පොප් ගායක ජෝර්ජ් මයිකල් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යනවිට ඔහු 53 හැවිරිදි වියේ පසු වූවා.1963 ජූනි 25 දින එංගලන්තයේ දී උපත ලද ජෝර්ජ් මයිකල් පාසල් යන කාලයේ ඩීජේ කෙනෙකු ලෙස තම ප්‍රථම සංගීත ජීවිතය ආරම්භ කළ අතර ඔහුට පාසල් සමයේදීම මුනගැසුනු මිතුරා වූ Andrew Ridgeley සමග ඔහු සංගීත ජීවිතය ආරම්භ කළා.
1980 දශකයේ දී මයිකල් ගායකයෙකු ලෙස එංගන්තයේ අතිශය ජනප්‍රියත්වයට පත් වුණා.ඔහු ගීත රචකයෙක් සහ සංගීත නිර්මාණය කරන්නෙක්ද වන අතර ඔහු විසින් ගායනා කරන ලද Wham,“Wake Me Up Before You Go-Go,Careless Whisper”, “Last Christmas “The Edge of Heaven යන ගීත ජනපි‍්‍රයත්වයට පත්වුණේ ගීත ඇල්බම ද මිලියන ගණනක් අලෙවි වෙමින්.මයිකල් ගේ දශක තුනක ගායන ඉතිහාසයේ ඔහු සම්මාන රැුසකට උරුමකම් ලද්දෙක්.
ජෝර්ජ් මයිකල් කලෙක මත්ද්‍රවශ වලට ඇබ්බැහිව සිටි අතර ඔහු ට නීතියෙන් ගැලවීමට හැකියාවක් ලැබුනෙ නැහැ. ලෝකය පුරා ජෝර්ජ් මයිකල් ප්‍රසිද්ධ වූවද ඔහුගේ පෞද්ගලික ජීවිතයේ ඇතිවූ විවිධ ගැටළු නිසා ඔහු කාලයක් තිස්සේ මානසික විඳවීම් වලට ලක් ව තිබේ.
ජෝර්ජ් සමරිසි පුද්ගලයෙකු වන අතර ඔහු ඇසුරු කළ එක් පෙම්වතෙකු එච්අයිවී ආසාදිතයෙක් ව සිට අනතුරුව ඔහු ජීවිතයෙන් සමුගෙන තිබුනා. ජෝර්ජ් මයිකල් ඔහුගෙ වියෝවෙන් බොහෝ කම්පනයට ලක්වූ අතර ජෝර්ජ් පවසා තිබුනෙ ඔහුගේ මිතුරාට එඩ්අයිවී ආසාදනය තිබූ බව ඔහු නොදැන සිටි බවයි.
කෙසේවෙතත් ජෝර්ජ් සිය මවට බොහෝ සේ ආදරය කළ තැනැත්තෙක්. ඔහුගේ මව නැටුම් ශිල්පිණියක්. ජෝර්ජ් ගේ මවද එම මරණයෙන් පසු ටික කලෙකින් මියගොස් තිබෙනවා. ජෝර්ජ් මෙයින් මහත් සේ කම්පනයට පත්වූ බව ඔහුගේ ජීවන තොරතුරු සටහන්වල සඳහන්ව තිබෙනවා.
අනතුරුව ජෝර්ජ් නිව්මෝනියාව රෝගයෙන් බොහෝ සේ පීඩා විඳි අතර ඔහුගේ සංදර්ශණ බොහොමයක් අවලංගු කරන්න සිදුව තිබුනා. කෙසේ වුවත් ජෝර්ජ් 2014 මාර්තු මාසයේදී ඔහුගේ symphonica ඇල්බමය එළිදැක්වූවා.ජෝර්ජ් මයිකල් 2017 මාර්තු මාසයේදී freedom නමින් තවත් වැඩක් එළිදැක්වීම සඳහා සූදානමින් සිටියා.
ඔහුගේ පවුලේ ඥාතින් සඳහන් කොට තිබුනේ ඔහු සාමාකාමී මරණයකට ගොඳුරු වූ බවයි. "එහි කිසිඳු සැකයක් නැහැ. ඔහු ඉතා සාමකාමී නින්දකට වැටුනා."
දෙසැම්බර් 25 දින නත්තල් සමයේ ඔහුගේ මිය යාම ලොව පුරා සිටින ඔහුගේ රසිකයින්ට ඉතාමත් දුක් මුසු පුවතක් වනු නිසැකයි.නමුත් ඔහු අවුරුදු 53ක කාලයක් ජීවත්ව බොහෝ දේ තබා ගොස් තිබෙනවා.