මිලිනා සුමතිපාල සුමති සමූහ ව්‍යාපාරයේ සභාපතිනියයි. තිලංග සහ ජගත් සුමතිපාල ඇතූලු දරුවන් පස් දෙනෙකුගේ මවයි. නැසීගිය යූ ඩබ්ලිව් සුමතිපාල මහතාගේ බිරිඳයි. එමෙන්ම මිලිනා සුමතිපාල මහත්මිය බෞද්ධ සංගමයේ හිටපු සභාපතිනියද විය. ඇය අවුරුදු 81ක් ආයු වළදා අභාවප්‍රාප්ත වී ඇත.
පසුගිය කාලය පුරා ස්වසන අපහසුතාවයක ට ගොඳුරුව සිටි ඇය සියළු ව්‍යාපාර කටයුතු වළින් .ඈත්ව විවේකීව කල්ගත කලාය.
2015 වසරේ පත්තිනි සිනමා නිර්මාණය සුමති චිත්‍රපට සමාගම වෙනුවෙන් ඇය නිෂ්පාදනය කළාය. සුමති ටෙලි නාට්‍ය සම්මාන උළෙලෙහිදී මිය ගිය සිනමා නිෂ්පාදකවරයෙකු වූ යූ ඩබ්ලිව් සුමතිපාල සම්මානය කලාකරුවෙකුට පිරි නැමීමට ඇය උත්සුක වූයේ ඇයගේ සැමියා අනුස්මරණය කිරීම වෙනුවෙනි.
මිලිනා සුමතිපාල මහත්මිය චිත්‍රපට නිෂ්පාදිකාවක ලෙස නමක් හිමි කරගෙන සිටියාය. ඇය 'අහසින් පොළවට' ඇතූළු තවත් චිත්‍රපට රැුසක් සිය සැමියා සමග නිෂ්පාදනය කළාය. 'දුවට මවක මිස' 'ගග අද්දර' 'උත්පලවන්නා' 'පත්තිනි' යන චිත්‍රපට ඇය විසින් නිෂ්ාදනය කරන ලදී.ඇය සරසවි, ජනාධිපති, සහ ඔිසීඅයිසී සම්මාන වලට පාත්රවූ සම්මානණීය නිෂපාදකවරියකි. ඇයගේ අභාවය පිළිබඳ මිරර් ආර්ට්ස් සංවේගය පළකරන්නෙමු.