මෙරට සිනමා නිර්මාණ ඇගයීමේ උළෙල අතර අද්විතීය සම්මාන උළෙලක් ලෙස සැලකෙන සරසවි සම්මාන උළලේ ජනප්රිය නළුවා සහ නිළිය සඳහා පිරිනැමෙන සම්මාන මෙවර ලබා නොදෙන බව සරසවිය පුවත්පත ප්රකාශ කර තිබේ.
නොවැළක්විය හැකි හේතුවක් නිසා උක්ත සම්මාන ද්විත්වය මෙ වසරේදී පිරිනැමීමට නොහැකි වනු ඇතැයි ඔවුන් සඳහන් කර ඇත.
එසේම මේ පිළිබඳ උනන්දුව දැක්වූ රසිකයන් වෙත “සරසවිය” සිය බලවත් කණගාටුව ප්රකාශ කර තිබේ.
34 වැනි වතාවට සංවිධාන කෙරෙන සරසවි සිනමා සම්මාන උළෙල අගෝස්තු 3 වැනිදා බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිත ය.