බොක්ස් ඔෆිස් වාර්තා තබමින් මේ වනවිටත් ඉන්දියාව තුල ප්‍රදර්ශනය කෙරෙන “සංජු” සිනමාපටය චීනය ඇතුළු අනෙකුත් ආසියාතික රටවල ප්‍රදර්ශනය කිරීමට එහි නිෂ්පාදකයින් කටයුතු කරමින් සිටියි.
ප්‍රවීන බොලිවුඩ් රංගන ශිල්පී සංජය දත් ගේ ජිවිත කතාව ඇසුරින් නිමවුණු චිත්‍රපටය ජූනි 29 වැනිදා පටන් ඉන්දියාව පුරා සිනමාශාලා 4100 ක ප්‍රදර්ශනය කෙරෙන අතර දැනට ලබා ඇති ආදායම ඉන්දීය රුපියල් කෝටි 300 ඉක්මවා ඇතැයි ඩෙකෑන් ක්රෝනිකල් පුවත් සේවය වාර්තා කරයි.
“චීනයේ සිනමාපට බෙදාහරින්නන් අප සමඟ කතා කළා. ඔවුන් මේ සිනමාපටය නරඹලා එය තමන්ගේ රට තුල ප්‍රදර්ශනයට කැමැත්තෙන් ඉන්නවා. ඒවගේම ජපානය, දකුණු කොරියාව වැනි රටවලත් සිනමාපටය ප්‍රදර්ශනය ආරම්භ කරන්න අපි වැඩකටයුතු සලසාගෙන යනවා,” යනුවෙන් ෆොක්ස් ස්ටාර් ස්ටුඩියෝ හි ප්‍රධානි විජේ සින් පවසා තිබේ.
ආමීර් ඛාන් ගේ “දංගල්”, සල්මාන් ඛාන් ගේ “බජිරන්ගි බායිජාන්” සහ ඉර්ෆාන් ඛාන් ගේ “හින්දි මීඩියම්” සිනමාපට චීනය තුල අතිසාර්ථකව ප්‍රදර්ශනය වූ පසු බොලිවුඩ් සිනමාපට සඳහා ඔවුන්ගේ වැඩි ඉල්ලුමක් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
රන්බීර් කපුර් ප්‍රධාන චරිතයට පණ පොවන මෙම සිනමාපටය රාජ් කුමාර් හිරාණි අධ්‍යක්ෂණයකි.
සෝනම් කපුර්, මනිෂා කොයිරාල, අනුෂ්කා ශර්මා, දියා මිර්සා, විකී කෞෂාල් ඇතුළු පිරිසක් සංජු හි සෙසු චරිත සඳහා දායකත්වය සපයා තිබේ.