තම පියා වෛද්‍ය ප්‍රතිකාර යටතේ රෝහලේ පසුවන අතර කටකතා පැතරවීමෙන් වලකින ලෙස ජනප්‍රිය නළු අමරසිරි කලංසූරිය මහතාගේ පුත් දුමින්ද කලංසූරිය මහතා සිය ෆේස්බුක් වෙබ් අඩවියේ සටහනක් තබමින් කියා සිටී.
මේ අතර ප්‍රවීන ගායකයන් දෙදෙනෙකු ඇතුළු තවත් බොහෝ දෙනෙකු මේ වන විට අමරසිරි කලංසූරිය මහතා පිළිබඳව ෆේස්බුක් මගින් වැරදි ප්‍රචාරයක් කොට ඇති අතර එම ගායකයන් දෙදෙනා පසුව එම වරද නිවැරදි කර ෆේස්බුක් මගින් සමාව අයැද තිබේ.