ප්‍රවීන සිනමා රංගන ශිල්පී අමරසිරි කලංසූරිය ගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට
සුව අතට හැරෙමින් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සුසිත සේනාරත්න පවසයි.
දින ගණනාවක් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු මේ වනවිට රෝහලේ 17 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහුගේ තත්වය සුව අතට හැරෙමින් පවතින නිසා නොබෝ දිනකින් ම නිවස වෙත යා හැකි බවත් වැඩිදුරටත් වාර්තා වේ.
ප්‍රවීන රංගධර අමරසිරි කලංසූරියගේ අසනීප තත්වය සම්බන්ධයෙන් නොයෙකුත් අසත්‍ය ප්‍රචාර පසුගිය දින කිහිපය පුරා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබුණා.
තම පියාගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් කටකතා පැතිරවීමෙන් වළකින ලෙස ඔහුගේ පුත් දුමින්ද කලංසූරිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ඉල්ලීම් කර තිබුණි.
ITN පුවතක් ඇසුරින්