ප්‍රවීන නාට්‍යවේදී සහ මූර්ති ශිල්පී තිස්ස ගුණවර්ධන අභාවප්‍රාප්ත වී තිබේ.
කලක් රෝගාතුරව සිටි ඔහු මිය යන විට 85 හැවිරිදි වියේ පසුවිය.
දිගු නාට්‍ය 50 කට අධික ප්‍රමාණයක් සහ කෙටි නාට්‍ය 150 කට වැඩි ප්‍රමාණයක් ඔහු විසින් මෙරට වේදිකා නාට්‍ය කලාවට දායාද කර තිබේ.
චිත්‍ර සහ මූර්ති කැටයම් ශිල්පියකු ලෙස ද තිස්ස ගුණවර්ධන මෙරට කලා ක්ෂේත්රය වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කළේය.