කොළඹ ජාතික අධ්‍යාපන පොත් සල්පිල
2018 අද දින(24) දින හතක් පුරා කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිත ය.
පෙරවරු 9 සිට පස්වරු 8 දක්වා මෙම ප්‍රදර්ශනය විවෘතව පවතියි.
සෑම දිනකම විශේෂ අධ්‍යාපනික, සංස්කෘතික වැඩසටහන් හා තවත් විනෝද ක්‍රීඩා රැසක් මෙහිදී පැවැත්වෙන බව සංවිධායකයෝ පවසති.
එම වැඩසටහන් පෙළගැස්ම මෙසේ වේ,
24 වැනිදා පස්වරු 2.30 ට - 1956 පේරාදෙණිය සාහිත්‍ය හා අද්‍යතන සාහිත්‍ය
25 වැනිදා පෙරවරු 9.30 ට - ලාංකික නැකත් කරුවා ප්‍රජාවගේ සාමාන්‍ය බුද්ධියට නිගාවක් ද? විචාරශීලි සම්මන්ත්‍රණය
පස්වරු 2.30 ට -කතන්දර හැන්දෑව නර්තන ප්‍රභාව හා පොත් දොරට වැඩිම
26 වැනිදා පෙරවරු 9.30 ට - කතන්දර පැය
පස්වරු 2.30 ට - රාජ්‍ය වේදිකා නාට්‍ය උළෙල නාට්‍ය සාහිත්‍යයක් කරා ද?
27 වැනිදා පෙරවරු 9.30 ට- කොරියානු වැඩමුළුව
පස්වරු 2.30 ට - ඊසි ඉංග්ලිෂ් වැඩසටහන
28 වැනිදා පෙරවරු 9.30 ට- අ.පො.ස.(සා.පෙ) සිංහල සාහිත්‍ය රසවින්දනය
පස්වරු 2.30 ට - නෙල්සන් මැන්ඩෙලා සමරු වැඩසටහන
29 වැනිදා පස්වරු 2.30 ට ලාංකීය මුද්‍රා නාට්‍යයේ භාෂාව/ රවිබන්දු විද්‍යාපති
30 වැනිදා පෙරවරු 9.30 ට දේශීය ආහාර රටාවකට හුරුවෙමු
පස්වරු 2.30 ට ඉනික්බිති රාත්‍රිය පැමිණියේ ය/ පොත් දොරට වැඩිම
නොමිලේ විවෘතවන මෙම ප්‍රදර්ශනය සංවිධානය කොළඹ මහජන පුස්තකාල සුබසාධක සංගමය විසිනි.