මෙ වසරේ මෑන් බුකර් සාහිත්‍ය සම්මානයේ පළමු අදියරේ නිර්දේශිත කෘති අතරට,
ශ්‍රී ලාංකික පියෙකුට දාව උපන් ගයි ගුණරත්න නම් නවක ලේඛකයා විසින් රචිත “ඉන් අවර් මෑඩ් ඇන්ඩ් ෆියුරියස් සිටි” කෘතිය තේරී පත් වී තිබේ.
ඔහු විසින් ලියු මෙම නවකතාව සම්මානය සඳහා සුදුසුකම් ලැබූ මූලික වටයේ ග්රන්ථ 13 අතර වේ.
ලේඛකයෙක්, වීඩියෝ ශිල්පියෙක් මෙන්ම සිනමාකරුවෙක් ලෙස ද කටයුතු කරන ගයි ගුණරත්න ගේ “ඉන් අවර් මෑඩ් ඇන්ඩ් ෆියුරියස් සිටි” කෘතිය පසුගිය අප්‍රේල් මසදී ප්‍රකාශයට පත් කර තිබුණි.
එසේම ලංකාවේ උපත ලැබූ ලෝක ප්‍රකට සාහිත්‍යධර මයිකල් ඔන්ඩච්චි ගේ නවතම නවකතාව වන “වෝලයිට්” ද මෑන් බුකර් සාහිත්‍ය සම්මානයට සුදුසුකම් ලබා ඇත.
ඔහු ලියූ “ඉංග්ලිෂ් පේෂන්ට්” කෘතිය මෙතුවක් කාලයකට මෑන් බුකර් සම්මානය දිනාගත් විශිෂ්ටතම නවකතාව ලෙස පසුගියදා රන් සම්මානයෙන් පිදුම් ලැබිය.
ඒ අනුව මෙ වසරේ මෑන් බුකර් සම්මානයේ පළමු වටය සඳහා නිර්දේශිත නවකතාකරුවන් අතරට එක්සත් රාජධානියෙන් 6 දෙනෙක්, එක්සත් ජනපදයෙන් තිදෙනෙක්, අයර්ලන්තයෙන් දෙදෙනෙක් සහ කැනඩාවෙන් දෙදෙනෙක් තේරී පත් වී තිබේ.
ආරම්භයේදී පැවති නීති 2013 දී වෙනස් වීමෙන් පසු ඉංග්‍රීසියෙන් රචනා කරනු ලැබූ, එක්සත් රාජධානියේ දී ප්‍රකාශයට පත් කරන ලද නවකතා ද, මෑන් බුකර් සඳහා සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමි විය.
පවුම් 50 000 ක ත්‍යාග මුදලක් හිමිවන මෑන් බුකර් සාහිත්‍ය සම්මානයේ ජයග්‍රාහකයා ඔක්තෝබර් මස 16 වැනිදා ප්‍රකාශයට පත් කරනු ඇත.
පළමු වටය සඳහා නිර්දේශිත කෘති මෙසේ ය,
බෙලින්ඩා බවර්ගේ “ස්නැප්”
ඇනා බර්න්ස්ගේ “මිල්ක්මෑන්”
නික් නාසෝගේ “සබ්රිනා”
එසි ඉඩග්යාන්ගේ “වොෂින්ටන් බ්ලැක්”
ගයි ගුණරත්නගේ “ඉන් අවර් මෑඩ් ඇන්ඩ් ෆියුරියස් සිටි”
ඩේසි ජොන්සන්ගේ “එව්රිතින්ග් අන්ඩර්”
රේචල් කුෂ්නර්ගේ “ද මා(ර්)ස් රූම්”
සොෆී මැකින්ටොශ්ගේ “ද වෝටර් කියෝ”
මයිකල් ඔන්ඩච්චිගේ “වෝලයිට්”
රිචඩ් පවර්ස්ගේ “ද ඕවස්ටෝරි”
රොබින් රොබර්ට්සන්ගේ “ද ලෝන්ග්ටේක්”
සැලී රූනීගේ “නෝමල් පීපල්”
ඩොනල් රයන්ගේ “ෆ්‍රොම් අ ලෝ ඇන්ඩ් කුවයට් සී”
-අවාරා-