කී බෝඩ් වොරියර් ලෙසින් ලොව ප්රසිද්ධියට පත් ඉර්ෆාන් හෆිස් පසුගියදා සිය දිවියෙන් සමුගත්තා.
මාංශ පේශි අඩපණ වන දුර්ලබ ගණයේ ජානගත රෝගයකින් පෙළුණු ඔහු තමන්ට චලනය කිරීමට හැකි එකම ඇඟිල්ලෙන් පමණක් ග්රන්ථ කිහිපයක් රචනා කළේය.
එසේ ලියන ලද කවි 22 ක් ඇතුලත් ඔහුගේ පළමු කෘතිය සයිලන්ට් ස්ට්රගල් ලෙස එළි දක්වන ලද්දේ 2012 දී ය.
ඉර්ෆාන් ලියන ලද අවසන් ග්රන්ථය නම් කරන්නේ සයිලන්ට් තෝට්ස් නමින්. එය පළ කරනු ලැබුවේ 2016 දී ය.
1981 දී උපත ලැබූ ඉර්ෆාන් වසර 19 ක් එක්තැන්ව සිට සිය ජිවිතයෙන් සමුගන්නා විට තම සිව්වැනි කෘතියත් රචනා කරමින් සිටියේ ය.