දෙස් විදෙස් සුපතළ සුපවේදී ආචාර්ය පබිලිස් සිල්වා විසින් රචිත "මහා සූපවංසය" කෘතියේ ඉංග්‍රීසි පරිවර්තනය එළිදැක්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ දී සිදු විය.
ආචාර්ය පබිලිස් සිල්වා සිය වසර 61 ක අත්දැකීම් සහ සුප ශාස්ත්‍රය තුළ සිදුකරන ලද පර්යේෂණ ආශ්රයෙන් මෙම කෘතිය සම්පාදනය කර තිබේ.
මහා සූපවංසය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම තුළින් අපේ රටේ ඉතිහාසය සහ මහා සංස්කෘතිය ජාත්‍යන්තරය විසින් තව තවත් හදුනාගනු ඇති බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.
හුණුපිටිය, ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණීස්සර නායක ස්වාමින් වහන්සේ ද, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග, මහාචාර්ය කාලෝ ෆොන්සේකා ඇතුළු ආරාධිත පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
"මහා සූපවංසය" සිංහල බසින් ජනගත කිරීම සිදු කෙරුණේ 2017 අප්‍රේල් 24 වැනිදා ය.