ප්‍රකට ප්‍රංශ ජාතික සිනමා අධ්යක්ෂ ලුක් බේසන් ට එරෙහිව ලිංගික අපයෝජන චෝදනා එල්ල වී තිබේ.
ප්‍රවීන අධ්‍යක්ෂකවරයා කිහිප වතාවක්ම තමන් දුෂණය කළ බව පවසමින් රංගන ශිල්පිනි සැන්ඩ් වැන් රෝයි ප්‍රංශයේ පැරිස් පොලිසිය වෙත පැමිණිලි කර ඇත.
ලූක් සිය ත්‍රාසජනක සහ විද්‍යා ප්‍රබන්ධ සිනමා නිර්මාණයන්හි නිරූපිත කාන්තා චරිත ප්රමුඛස්ථානයක ඔසවා තැබුවත් එල්ල වන චෝදනා අනුව සැබෑ ජීවිතයේදී ඔහුගේ ප්‍රතිරූපය සම්පුර්ණයෙන් වෙනස් ස්වරූපයක් ගෙන ඇති බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
පසුගිය අප්‍රේල් මසදී සිය නිවසට පැමිණි ප්‍රවීන අධ්යක්ෂවරයා තමන්ට ලිංගික අතවර කළ බවත් ඉන් ලද තුවාල නිසා රුධිරය පවා පිටවූ බවත් සැන්ඩ් වැන් රෝයි පවසා තිබේ.
කෙසේ වෙතත් සිනමා අධ්යක්ෂ ලුක් බේසන්ගේ නීතිඥ තියරි මරම්බර්ට් සිය සේවාදායකයා වෙත එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.
මේ සම්බන්ධයෙන් දැනගත් විට අධ්යක්ෂ ලූක් අතිශයින් පුදුමයට පත් වූ බව නීතිඥවරයා ප්‍රකාශ කර ඇත.