ප්‍රවීන ඇමෙරිකානු ගායන ශිල්පිනි අරෙතා ෆ්රෑන්ක්ලින් දැඩි ලෙස රෝගාතුරව ඩිට්රොයිට් හි රෝහලක ප්‍රතිකාර ලබන බව එරට මාධ්‍ය වාර්තා කරයි.
යහළුවන් සහ පවුලේ උදවිය ඇය අසල සිටින අතර ඇයට ඉක්මන් සුවය පතමින් කලාකරුවන් බොහොමයක් දෙනා පණිවිඩ නිකුත් කර තිබේ.
“ක්වින් ඔෆ් සෝල්” නාමයෙන් හඳුන්වන අරෙතාගේ වෘත්තීය දිවියට දශක හතකි.
මෙම වසර මුලදී සැලසුම් කර තිබු ප්‍රසංග නවතා දැමීමට 76 හැවිරිදි ඇය කටයුතු කර තිබුනේ අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන්.
මාස දෙකක කාලයක් විවේක ගන්නා ලෙසද වෛද්‍යවරු නිර්දේශ කර තිබුණි.
අරෙතා ෆ්රෑන්ක්ලින් 18 වතාවක් ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලැබිය.