ලෝක ඡයාරූප දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ රාජ්‍ය ඡායාරූප උළෙල අගෝස්තු 19 වන දින පස්වරු 3.00
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දි පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සංස්කෘතික හා උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පැවසිය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පසුගියදා (13) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි .
මිනිස් ක්‍රියාකාරකම්හි පාරිසරික බලපෑම් යන තේමාව යටතේ පැවැත්වෙන උළෙලට සමගාමීව ව 2018 අගොස්තු 20 සහ 21 දන දෙදින තුළ ජයග්‍රාගි ඡයාරූප ඇතුලු ඡයාරූප 3537 ප්‍රදර්ශනය කිරිමට නියමිත බව සංවිධායක මණ්ඩලය එහිදී ප්‍රකාශ කරන ලදී.
අංශ 5කින් සමන්විත තරගයේ ජයග්‍රාහකයින් සඳහා ප්‍රධාන සම්මාන 15ක් පිරිනමනු ලබන අතර,කුසලතා සහතික 50ක් ප්රදානය කෙරේ. ප්රශස්ත ඡයාරූප වෙනුවෙන් ඡයාරූප ක්ෂෙත්රයේ ප්රවිණයකු සදහා ඡයාරූපාභීමානි සම්මානයද පිරිනැමිමට නියමිතය.
මෙම මාධ්‍ය හමුවට සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි, අධ්යක්ෂ අනුෂා ගෝකුල, ඡයාරූප උපදේශක මණඩලයේ සභාපති බර්ටි ගුණසේකර ඇතුලු සාමාජිකයින් පිරිසක් ද සහභාගි වුහ.