මසකට රුපියල් පනස් දහසකට වඩා වැඩියෙන් උපයන කලාකරුවන් සහ කර්තෘවරුන්ගෙන් අයකළ සියයට 14 ක අදායම් බද්ද නැවත සියයට 5 දක්වා අඩු කිරීමට රජය තීරණයක් ගත් බැවින්
පසුගිය අප්‍රේල් පළමු වැනිදා සිට අය කළ එම බද්ද නැවත ලබා ගැනීමට අවස්ථාව ලැබෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ 14 අඟහරුවාදා රාත්‍රියේ රුපවාහිනිය සමඟ පැවති සාකච්ඡාවක් අතරතුරදී ය.
ඒ සඳහා යෝජනාව මීළඟ අයවැයට ප්‍රථම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් ඉන් අනතුරුව වැඩිපුර ගෙවූ බදු නැවත ලබාගත හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.