1970 ගණන්වල නිර්මාණය කරන ලද “ද ගෝඩ් ෆාදර්” සිනමාපටයේ චරිත නිරුපනය කළ රංගන ශිල්පිනියක් සහ ජෑස් ගායිකාවක් වන මෝගනා කින්ග් අභාවප්රප්ත වී තිබේ.
ඇය මියයන විට 87 හැවිරිදි වියේ පසුවිය.
පළමු ගෝඩ් ෆාදර් චිත්‍රපට දෙකෙහි ඩොන් විටෝට පණ පෙවූ මාලන් බ්රෑන්ඩෝගේ බිරිඳ එනම් කමෙලා කෝලියෝනේගේ චරිතයට ඇය පණ පෙවිය.
එසේම මෝගනා කින්ග්, ග්රෑමී සම්මාන සඳහා නිර්දේශ වූ ගායිකාවක වුවා ය.
කැලිෆෝනියාවේ පාම් ස්ප්‍රින්ග් හි පිහිටි සිය නිවසේ දී ඇය සිය දිවියෙන් සමුගෙන ඇත්තේ පසුගිය මාර්තු 22 වැනිදා ය.
පිළිකාවක් නිසා ඇගේ මරණය සිදු වූ බවට රිවර්සයිඩ් ජනපද මරණ පරීක්ෂක කාර්යාලය තහවුරු කර ඇත.
කෙසේ නමුත් මෝගනා කින්ග් අභාවප්‍රාප්ත වී ඇති බව මෙතෙක් වාර්තා නොවූ අතර ජෝන් හොග්ලන්ඩ් නම් ඇගේ මිතුරකු විසින් පසුගියදා ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ප්‍රසිද්ධ කළ ශෝක ප්‍රකාශයක් අනුව ඇගේ මරණය පිළිබඳ තතු වාර්තා වී තිබුණි.