ජාතික කලාභවන කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගෙන මෙම අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව රුපියල් මිලියන 42 ක මුදලක් වෙන් කර දීමට කැබිනට් මණ්ඩලය අනුමත කර ඇති බව වාර්තා වේ.