මහාචාර්ය සුමති සිවමෝහන්ගේ “පුත්තු සහ පියවරු” සිනමාපටය සිංගප්පුරු දකුණු ආසියානු අන්තර්ජාතික සිනමා උළෙල 2018 සඳහා නිළ වශයෙන් තේරී පත්වී තිබේ.
සිනමා උළෙල ඔක්තෝබර් මස 5 වැනිදා සිට 14 වැනිදා දක්වා සිංගප්පුරුවේදී පැවැත්වීමට නියමිත ය.
2018 වසර වෙනුවෙන් අන්තර්ජාතික සිනමා සම්මානයකින් පිදුම් ලද පළමු ශ්‍රී ලාංකීය සිනමාපටය බවට පත්වෙමින් සුමති සිවමෝහන්ගේ ‘පුත්තු සහ පියවරු’ සිනමාපටය පසුගිය මාර්තු මසදී පැවැත්වුණු 02 වෙනි ඉන්දියානු ජගත් සිනමා උළෙලේදී ජාත්‍යන්තර ඇගයීමට පාත්‍ර විය.
මෙය ඇගේ දෙවැනි සිනමා නිර්මාණය වේ.
බිම්සරා ප්‍රේමරත්න, නිරංජනී ශන්මුගරාජා, එස්.ඒ. විනෝද්, රනිල් ජිතේන්ද්‍ර, අමාවස්යා සිරිසේන, ඇන්තනි සුරේන්ද්‍ර, උපුල් ශාන්ත සන්නස්ගල සහ මෛත්‍රී රාජේෂ්කුමාර්ගේ චිත්‍රපටයට රංගන දායකත්වය සපයා තිබේ.
තිර රචනය හා කැමරාව මෙහෙයවීම සුනිල් පෙරේරාගෙනි. එල්මෝ හැලිඩේ සංස්කරණයෙන්ද, ලාල් හරින්ද්‍රනාත් කලා අධ්‍යක්ෂණයෙන්ද, ඇන්තනි සුරේන්ද්‍ර සංගීත අධ්‍යක්ෂණයෙන්ද මෙම සිනමාපටයට දායක වී ඇත.