ප්රකාශනයේ අයිතිය වාරණයට ලක් කිරීම සඳහා වත්මන් ආණ්ඩුව කිසිදු ඉවක් බවක් නැතිව කටයුතු කරන බවට සමාජවාදී කලා සංගමය චෝදනා එල්ල කරයි.
කලාව සංස්කෘතිය පොහොසත් කිරීම සඳහා ප්‍රතිපත්තියක්, වැඩපිළිවෙලක් ගොඩනඟනවා වෙනුවට ඉතා අසීරුවෙන් ගොඩනැඟෙන කලා කෘති සහ කලාකරුවාගේ ප්‍රකාශන අයිතිය වාරණයට ලක්කිරීමට ආණ්ඩුවට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොවන බව එම සංගමය විසින් 22 බදාදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මඟින් අවධාරණය කර තිබේ.
ඒ අනුව මාලක දේවප්‍රියගේ ගුවන් විදුලි නාට්‍යමාලාව, කේ.කේ. ශ්‍රීනාත්ගේ ‘බුදුන්ගේ රස්තියාදුව’ කෘතිය හා අසංක සායක්කාරගේ ‘මම කෙලින් මිනිහෙක්’ නාට්‍ය වාරණයට ලක්කිරිම සඳහා ආණ්ඩුව මැදිහත්වීම පිලිබඳ තමන්ගේ අප්‍රසාදය පළකර සිටින බව ද සමාජවාදී කලා සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
එම මාධ්‍ය නිවේදනය පහතින්,