කලාවේදී සෝමවීර සේනානායකයන්ගේ තෙමස් ගුණානුස්මරණය නිමිත්තෙන් විශේෂ ගුණසමරු මහ සභා රැස්වීමක් එළඹෙන 28 වැනිදා සවස විජේරාම මාවතේ සව්සිරිපාය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිත ය.
ඔහු රචනා කළ “අපි තවමත් සංසාරේ” නමැති ස්වයං චරිතාපදානයේ නව සංස්කරණය ද එදින එළිදැක්වෙනු ඇත.
සෝමවීර සේනානායක ගුණ සමරු මුඛ්‍ය දේශනය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ. ඩී. රන්ජිත් කුමාර විසින් පවත්වනු ලැබේ.
එසේම “අපි තවමත් සංසාරේ” නමින් විශේෂ දෙසුමක් සේනානායකයන්ගේ සොයුරු රුහුණු විශ්ව විද්‍යාලයීය උප කුලපති මහාචාර්ය ගාමිණී සේනානායක විසින් එදින පවත්වනු ඇත.