වත්මන් ආණ්ඩුව බලයට පැමිණෙන විට ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය අහෝසි කරන බවට දුන් පොරොන්දුව ඉටු කරනවා වෙනුවට එම ආයතනය හරහා කලාකෘති වාරණය කිරීම පිළිබද කලාකරුවන් රැසක් සිය දැඩි විරෝධය එල්ල කර තිබේ.
‘වාරණයේ උදහසට එරෙහිව කලාවේ නිදහස’ නමින් ඊයේ (23) දින මරදාන සාමයික කේන්ද්‍රයේදී පැවැත්වුණු මාධ්‍ය හමුවේ දී ඔවුන් මෙසේ විරෝධය පළ කර ඇත.
කලාකරුවන්ගේ ප්‍රකාශන නිදහස උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෙන්ම අසංක සායක්කාරගේ ‘මං කෙළින් මිනිහෙක්‘ නාට්‍ය, ශ්‍රීනාත් චතුරංගගේ ‘බුදුන්ගේ රස්තියාදුව“ කෘතිය සහ මාලක දේවප්‍රියගේ ගුවන් විදුලි නාට්‍ය වාරණය කරමින් ආණ්ඩුව ගෙන යන ප්රජාතන්ත්රවිරෝධී ක්‍රියාදාමය සම්බන්ධයෙන් ද එහිදී විශේෂයෙන් කතාබහට ලක් විය .
ප්‍රසන්න විතානගේ, ධර්මසිරි බණ්ඩාරනායක, ලූෂන් බුලත් සිංහල, අශෝක හදගම, උපුල් ශාන්ත සන්නස්ගල, කේ.කේ. සමන් කුමාර, නදීකා බණ්ඩාර, විමුක්ති ජයසුන්දර, රාජිත දිසානායක, බූපති නලීන් වික්‍රමගේ, ප්‍රියන්ත කොඩිප්පිලි, මාලක දේවප්‍රිය, ජෙහාන් ශ්‍රී කාන්ත, අසංක සායක්කාර, ශ්‍රීනාත් චතුරංග, තුමිදු දොඩන්තැන්න, ජගත් මනුවර්ණ, සංජීව පුෂ්පකුමාර, විදර්ශන කන්නංගර, පුබුදු ජයගොඩ, නිර්මාල් රංජිත් දේවසිරි, අතුලසිරි සමරකෝන්, චාන්දනී සෙනෙවිරත්න, දමයන්ති ෆොන්සේකා, කත්‍යානා අමරසිංහ, හෙන්රි වර්ණකුලසූරිය, මොහන්රාජ් මඩවල, ජයන්ත අමරසිංහ, අජන්ත අලහකෝන්, සහන් කසීර වික්‍රමසිංහ, චන්දන සිරිමල්වත්ත, නදී වාසලමුදලිආරච්චි, මලිත් හෑගොඩ, කළණ ගුණසේකර ඇතුළු 50 කට අධික පිරිසක් මාධ්‍ය හමුවට සහභාගි වී සිටියහ.