1974 නිර්මාණය කළ ප්රකට “ස්වීට් හෝම් ඇලබාමා” ගීතයේ සම රචක මෙන්ම Lynyrd Skynyrd රොක් සංගීත කණ්ඩායමේ හිටපු ගිටාර් වාදක එඩ් කින්ග් අභාවප්රාප්ත වී තිබේ.
ටෙනිසි ප්රාන්තයේ නැශ්විල් ප්රදේශයේ පිහිටි සිය නිවසේ දී මිය යන විට ඔහුගේ වයස අවුරුදු 68කි.
ඇමරිකා එක්සත් ජනපද කැලිෆෝනියා ප්රාන්තයේ දී උපත ලැබූ එඩ් 1972 දී Lynyrd Skynyrd සංගීත කණ්ඩායමට සම්බන්ධ විය.
ඉන් වසර තුනක් ඉක්ම ගිය තැන ඔහු කණ්ඩායමෙන් ඉවත් වන්නේ එහි ප්රධාන ගායක රොනී වැන් සමඟ ඇතිකරගත් ආරවුලක් හේතුවෙනි.
නමුත් ගුවන් යානා අනතුරකින් ප්රධාන ගායක රොනී වැන් ඇතුළු සාමාජිකයින් තිදෙනෙක් මියයාම නිසා 1977 දී විසිරි යන Lynyrd Skynyrd සංගීත කණ්ඩායම 1987 දී නැවත පිහිටුවීමට තීරණය කිරීමත් සමඟ එඩ් කින්ග් යළිත් ඊට සම්බන්ධ වුවේ ය.
ඔහු කලක පටන් පෙනහළු පිළිකාවකින් පිඩා විඳි බවට රෝලින්ග් ස්ටෝන් මාසික සඟරාව වාර්තා කරයි.
කෙසේ වෙතත් එඩ් මියගිය හේතුව ගැන එහි සඳහනක් නොවේ.