2019 වසරට යෙදෙන ලංකා ලේඛක සංවිධානයේ 25 වැනි සංවත්සරය නිමිත්තෙන් දීප ව්‍යාප්ත සාහිත්‍ය තරග මාලාවක් පැවැත්වීමට කටුයුතු යොදා තිබේ.
කවි ,කෙටිකතා සහ නවකතා විචාර වශයෙන් සාහිත්‍යාංග තුනක් යටතේ පැවැත්වෙන මේ තරගාවලියේ කවි හා කෙටිකතා නිර්මාණ සඳහා පමණක් පාසල් හා විවෘත වශයෙන් අංශ දෙකකි.
ඉදිරිපත් කෙරෙන සියලුම නිර්මාණ මිට පෙර ප්‍රසිද්ධ මාධ්‍යයක පළ නොවූ හෝ තරගයකින් ජය නොගත් ස්වීය නිර්මාණයක් විය යුතු අතර පාසල් අංශයේ නිර්මාණ විදුහල්පති අත්සන සහිතව යොමු කළ යුතු බව සංවිධායකයෝ පවසති.
නම, ලිපිනය හා දුරකථන අංකය ඇතුලත් අයදුම් පත්‍රයක් සමඟ සියලුම නිර්මාණ පැහැදිලි අත් අකුරින් තනි පිටුවේ ලියා හෝ පරිගණකයෙන් ටයිප් කර එවිය යුතුය.
කෙටිකතා සහ විචාර වචන 1500 කට හා කවි ඒ 4 පිටුවකට හෝ දෙකකට පමණක් සීමා වේ නම් වඩාත් යෝග්‍ය වන අතර නවකතා විචාරයේ දී 2016-2018 තෙවසර තුළ මුද්‍රණයෙන් පළවූ කෘති පමණක් විචාරය සඳහා තෝරා ගත යුතුය.
නිර්මාණ භාර ගන්නා අවසන් දිනය ඔක්තෝබර් 31 වැනිදා ය